



රට පුරා පිහිටි "Cargills" "Food City" ජාලයේ බොහෝ ශාකාවන් හී තිබෙන මස්-මාලු-එළවළු,කිරි, බිත්තර සහ පළතුරු ඇතුළු ආහාර වර්ග ප්‍රමිතියෙන් තොර කල් ඉකුත් වූ මාරාන්තික ආහාර බවට සාක්කි-සාධක සහිතව කරුණු ඉදිරිපත් කරන එහි පාරිභෝගිකයෝ එම ආයතනවල කාර්ය මණ්ඩල කිසිදු වගකීමකින් සහ සුහදතාවයකින් තොරව ක්‍රියා කරන බවට ද "lankanewsweek" සමග චෝදනා කර සිටිති.
ඒ අනුව මේ සම්බන්ධයෙන් සාක්කි-සාධක අනුව කරුණු සොයා බැලීම සඳහා මේ ලියුම්කරු සහ ලියුම්කරුගේ සගයෙකු පානදුර "Cargills" වෙත පිවිස "Kotmale" නැවුම් කිරි බෝතලයක් ඇතුළු ආහාර වර්ග හතරක් මිල දී ගත් අතර ඒ සඳහා මිල ගෙවා එළියට පැමිණීමට විශාල කාලයක් ගත වූයේ එම ආයතනයේ කළමනාකරු ප්‍රධාන සේවක මණ්ඩලයේ අකාර්යක්ෂමතාවය සහ නොසැලකිල්ල නිසාය.
නිවසට පැමිණ මේ ආහාර වර්ග ගැන කළ විමර්ශනයේ දී "lankanewsweek" වෙත හෙළිදරව් වූයේ "Kotmale" නැවුම් කිරි බෝතලය කල් ඉකුත් වී, එම බෝතලය මළ සිරුරක් සේ ඉදිමී ඇති අතර එම කිරි පානය කළා නම් මේ ලියුම්කරු අසාධ්‍ය තත්ත්වයට හෝ මරණයට පත් වන බවය.
"Cargills" හී අහාර සහ සේවය සම්බන්ධයෙන් "lankanewsweek" කළ විමර්ශනයේ දී මීටත් වඩා තොරතුරු රැසක් හෙළිදරව් වී ඇති අතර සෙස්ස පසෙකට තබා මාරාන්තික නැවුම් කිරි බෝතලය සහ ඊට අදාළ ලදු පත අප මෙසේ පළ කරන්නේ පාරිභෝගික ජනතාවගේ ඉල්ලීම මතය.
Lanka Newsweek © 2026